Monday, October 10, 2011

දුමින්දගේ සැත්කම ඉවරයි: උණ්ඩයක් තවම ඇතුළේ: තවම සිහි නෑ

දුමින්දගේ සැත්කම ඉවරයි: උණ්ඩයක් තවම ඇතුළේ: තවම සිහි නෑ

දුමින්ද සිල්වා රෝහල් ගත කල අවස්ථාවේ

හිසට වෙඩි වැදුණු දුමින්ද සිල්වාගේ හිසෙහි ශෛල්‍ය කර්මය මේ වන විට අවසන් කර ඇති අතර ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවත් හිසෙහි කරන ලද සීටීසී ස්කෑන් පරීක්‍ෂාවෙන් හිසට හානි සිදුවී ඇති බව තහවුරු වී ඇතැයි ශ‍්‍රී ජයවර්ධන පුර රෝහලේ වෛද්‍ය අධිකාරී එස්.ඒ.කේ. ගමගේ මහතා මාධ්‍ය වෙත පැවසීය.

දුමින්ද සිල්වාගේ හිසෙහි තිබී උණ්ඩ දෙකක් ඉවත් කරන ලදැයි යන කතාව සම්බන්ධයෙන් ඔහු කීවේ එය අසත්‍යයක් බවත් ඔහුගේ හිසේ එක් උණ්ඩයක් ඉතිරිවී ඇති අතර එය ඉවත්කිරීමට යාම වඩා අනතුරු දායක බවත් ය. මේ වන විට හිසතුල සිදුවන ලේ වහනය වීම පාලනය කර ලේ ඉවතට යාමට සලස්වා ඇති අතර ඔහුගේ තත්ත්වය ගැන කිව හැක්කේ පැය 48 කට පසුව බවත් වෛද්‍ය ගමගේ මහතා කීය. දුමින්ද සිල්වා තවමත් සිහි නොමැති තත්ත්වයේ පසුවේ.

No comments:

Post a Comment

 
Asapuva.com - Hot Line - 0718417626 / 077631862